උත්සව්
උත්සව් | |
---|---|
අධ්‍යක්ෂණය | ගිරිශ් කර්ණාද් |
රචනය | කෘෂ්ණා බස්රූර්, ගිරිශ් කර්ණාද් (තිර රචනය) ශාරද් ජෝෂි (දෙබස්) |
පාදක වූයේ | ශූද්රක විසින් රචිත මෘච්ඡකටික |
නිශ්පාදනය | ශෂී කපූර් |
රංගන ශිල්පීන් | ශංකර් නාග් රේඛා අනුරාධා පටේල් අම්ජාද් ඛාන් ශෂී කපූර් ශේඛර් සුමන් |
කථනය | අම්ජාද් ඛාන් |
සිනෙමාරූපණය | අශෝක් මේහ්තා |
සංස්කරණය | භාවුදාස් දිවාකර් |
සංගීතය | ලක්ෂ්මිකාන්ත්-ප්යාරේලාල් වසන්ත් දේව් (පද) |
නිකුත්වූ දිනය |
|
තිර කාලය | 145 මිනිත්තු |
රට | ඉන්දියාව |
භාෂාව | හින්දි |
උත්සව් (හින්දි: उत्सव; සිංහල: උත්සවය) යනුවෙන් හැඳින්වෙන්නේ 1984 හින්දි ශෘංගාරාත්මක නාට්‍ය චිත්‍රපටයකි. ශෂී කපූර් විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය ගිරිශ් කර්ණාද්ගේ අධ්‍යක්ෂණයකි. මෙම චිත්‍රපටයට පාදක වී ඇත්තේ ශූද්රක විසින් රචනා කරන ලද මෘච්ඡකටික (කුඩා මැටි කරත්තය) නම් නාට්‍යයයි.[1]
චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ ශංකර් නාග්, ශෂී කපූර්, රේඛා, අම්ජාද් ඛාන්, අනුරාධා පටේල්, ශේඛර් සුමන්, අනූපම් ඛේර්, නීනා ගුප්තා, කුල්භූෂණ් ඛාර්බන්දා, අන්නු කපූර්, සංජනා කපූර් සහ කුණාල් කපූර් විසිනි.
කථාපුවත
[සංස්කරණය]මෙම චිත්‍රපටය ක්‍රි.පූ. දෙවන සියවස සහ ක්‍රි.ව. පස්වන සියවස දක්වා කාලය තුළ විසූ පුරාතන නාට්‍ය රචකයකු වූ ශූද්රකගේ මෘච්ඡකටික (කුඩා මැටි කරත්තය) නම් වූ කොටා දහයකින් යුත් සංස්කෘත නාට්යයෙගි අනුවර්තනයකි.[2] මෙහි කථා පුවත ප්රාද්යෝත රාජවංශය අවසන් සමයෙහි උජජයිනි නගරයෙහි පාලක රජ සමයෙහි දිවෙයි.[3]
මෙමඟින් නිරූපණය වන්නේ නගර ශෝභිනියක වන වසන්තසේනා (රේඛා) උජ්ජයිනියෙහි දිළිඳු බ්‍රාහ්මණයකු වන චාරුදත්ත (ශේඛර් සුමන්) මුණගැසෙන අයුරු නිරූපණය කෙරෙයි.
චරිත නිරූපණය
[සංස්කරණය]- ශෂී කපූර්, සංස්ථානක් ලෙස
- රේඛා, වසන්තසේනා ලෙස
- අම්ජාද් ඛාන්, වත්සායන ලෙස; කාමසූත්ර කතුවරයා; පූරක
- ශංකර් නාග්, සජ්ජල් ලෙස; සොරා
- කුල්භූෂණ් ඛාර්බන්දා, ආර්යක්ගේ ආචාර්ය ලෙස
- ශේඛර් සුමන්, චාරුදත්ත ලෙස
- නීනා ගුප්තා, මදනිකා ලෙස; වසන්තසේනාගේ ගෘහයේසේවිකාව
- අනුරාධා පටේල් ආදිති ලෙස; චාරුදත්තගේ භාර්යාව
- අනූප ඛේර්, සංස්ථානක්ගේ මිතුරා ලෙස
- අන්නු කපූර්, තාපසයකු වීමට උත්සාහ දරන තැනැත්තා ලෙස
- සංජනා කපූර්, වසන්තසේනාගේ ගෘහයේ සේවිකාවක ලෙස
- කුණාල් කපූර්, ආර්යක් ලෙස
- හරිශ් පටේල්, මෛත්‍රෙය ලෙස; චාරුදත්තගේ මිතුරා
- යූනුස් පර්වේස්, සූදුකරුවකු ලෙස
- සතිශ් කෞශික්, කරත්ත රියැදුරා ලෙස
නිෂ්පාදනය
[සංස්කරණය]මෙම චිත්‍රපටය රූගතකෙරුණේ 1982–83 අතර කාලයේ කර්ණාටකයේ කොල්කේබේල් හි ය. නිෂ්පාදක ශෂී කපූර් 1984 චිත්‍රපටය මුදාහැරීමෙන් පසුව රුපියල් කෝටි 1.5 පමණ අලාභයක් ලැබී ය.[4]
ධ්වනිපථය
[සංස්කරණය]චිත්රපටයෙහි ධ්වනිපථය[5] නිර්මාණය කරන ලද්දේ ලක්ෂ්මීකාන්ත්-ප්යාරේලාල් විසින් වන අතර, පද රචනා කරන ලද්දේ වසන්ත් දේව් විසිනි.
ගීතය | ගායකයා |
---|---|
"මන් ක්යුන් බෙහ්කා රේ බෙකා ආධී රාත් කෝ" | ලතා මංගේෂ්කර්, ආශා භෝස්ලේ |
"නීලම් පේ නභ් ඡායී" | ලතා මංගේෂ්කර් |
"මේරා මන් බාජා ම්රිදංග්, මංජීරා ඛන්කේ රේ අංග් අංග්" | සුරේශ් වාද්කර්, අනුරාධා පෞඩ්වාල්, ආර්තී මුඛර්ජී |
"සාන්ඣ් ධලේ ගගන් තලේ" | සුරේශ් වාද්කර් |
සම්මාන
[සංස්කරණය]- 1985 හොඳම කලා අධ්‍යක්ෂණය සඳහා ජාතික චිත්‍රපට සම්මානය: නාචිකේත් පට්වර්ධන්, ජයූ පට්වර්ධන්
- 1985 ෆිල්ම්ෆෙයාර් හොඳම පද රචක සම්මානය: වසන්ත් දේව් - "මන් ක්යුන් බෙහ්කා" [6]
- 1985 ෆිල්ම්ෆෙයාර් හොඳම පිළිවැයුම් ගායිකා සම්මානය: අනුරාධා පෞඩ්වාල් - "මේරේ මන් බාජේ ම්රිදංග්"
ආශ්‍රේයයන්
[සංස්කරණය]- ^ https://twitter.com/NFAIOfficial/status/1192764152235708418
- ^ Richmond, Farley P. (1990). "Characteristics of Sanskrit Theatre and Drama". In Farley P. Richmond; Darius L. Swann; Phillip B. Zarrilli (eds.). Indian Theatre: Traditions of Performance. Honolulu: University of Hawaii Press. pp. 55–62. ISBN 0824811909.
- ^ Oliver, Revilo Pendelton (1938). "Introduction to 'The Little Clay Cart.'". In Rozelle Parker Johnson; Ernst Krenn (eds.). Illinois Studies in Language and Literature. Vol. 23. Urbana: University of Illinois Press. pp. 9–44.
- ^ උපුටාදැක්වීම් දෝෂය: අනීතික
<ref>
ටැගය;hindu05
නමැති ආශ්‍රේයන් සඳහා කිසිදු පෙළක් සපයා නොතිබුණි - ^ http://www.hindigeetmala.net/movie/utsav.htm
- ^ "Best Lyricist (Popular)". Filmfare Awards Official wlistings, Indiatimes. 18 මැයි 2011 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 12 මැයි 2014.
බාහිර සබැඳි
[සංස්කරණය]- Utsav හා සබැඳි අයිඑම්ඩීබී යොමුව
- A study of film Utsav