ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය

නවීන සිතියම් විදයාත්මක ක්‍රම ශිල්පයකි - GPS
(Global Positioning System වෙතින් යළි-යොමු කරන ලදි)

ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතිය (GPS ජීපීඑස්) යනු, ජීපීඑස් චන්ද්‍රිකා සතරක් හෝ වැඩි ගණනක් වෙත අනවරෝධිත දෘෂ්ටි රේඛා දර්ශනය සහිත, පෘථිවිය මත හෝ අසබඩ හෝ පිහිටි ඔනෑම තැනකදී, සියළු කාලගුණ තත්ත්වයන්හිදී පිහිටුම් සහ වේලා තොරතුරු සපයන, අභ්‍යාවකාශ-පදනම් කොට ගත් චන්ද්‍රිකා මං සෙවුම් පද්ධතියකි. [1] මෙම පද්ධතිය විසින්, ලොව වටා සන්නද්ධ හමුදා, සිවිල් සහ වාණිජ පරිශීලකයන් හට ඉතා වැදගත් හැකියාවන් ලඟා කර දෙයි. එය පවත්වාගෙන යනු ලබන්නේ, එක්සත් ජනපද රජය විසින් වන අතර ජීපීඑස් රිසීවරයක් සතු ඔනෑම අයෙකුට නිදහසේ එය වෙත පිවිසිය හැකිය.එය මහ ජනතාවගේ පහසුවට දායක විය.

ජීපීඑස් කාණ්ඩය II-F චන්ද්‍රිකාව පෘථිවි කක්ෂයෙහි ස්ථානගතවී ඇති අයුරු චිත්‍රශිල්පියෙකුගේ සංකල්පිතයක්.
සිවිල් ජීපීඑස් රීසීවර (ආදායකයන්) ("ජීපීඑස් මං සෙවුම් සේවාව") සාමුද්‍රික භාවිතයක.
එ.ජ. ගුවන් හමුදාවේ ජ්‍යෙෂ්ඨ ගුවන්හමුදා භටයෙක් ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධති චන්ද්‍රිකා මෙහෙයුම් අතරතුර සෝදිසි ලැයිස්තුවක් පරික්ෂා කරයි.

මින් පෙර පැවති මං සෙවුම් පද්ධතීන්ගේ සීමයනයන් අභිබවායෑමට 1973 වසරෙහිදී ජීපීඑස් ව්‍යාපෘතිය ප්‍රවර්ධනය කෙරුණේ,[2] 1960 ගණන් වල රහස්‍ය ඉංජිනේරුමය සැලසුම් අධ්‍යයනයන් කිහිපයක්ද ඇතුළුව, පුර්වප්‍රාප්තිකයන් කිහිප දෙනෙකුගේ අදහස් සංකලනය කරමිනි .

සාමාන්‍ය භාවිතය සඳහා GPS යොදා ගැනීම.

සංස්කරණය

සීත යුධ සමයේදී ඇමරිකාවේ සිට කොරියාව බලා ගමන් ගත්ත යානයක් අත්වැරදීමකින් රුසියානු ගුවන්තලයට ඇතුල් වීම හේතුවෙන් එකී යානය සාමාන්‍ය ගුවන් මඟීන්ද සමඟ රුසියාව විසින් මිසයිල ප්‍රහාරයකින් වෙඩි තබා බිම හෙලනු ලබනවා. එදා මෙසේ රුසියානු ගුවන්තලයට කොරියානු KAL 007 යානය ඇතුල්වීමට හේතුව වූයේ මං සෙවුමේ (Navigation) දෝෂයක්.

1983 වසරේ සිදුවූ මේ සිදුවීම සීත යුධ සමයේ ඇතිවූ දරුණුතම ප්‍රහාරය ලෙසට හඳුන්වන අතර මේ සිද්ධියෙන් පසුව ඇමරිකානු ජනාධිපති රොනල්ඩ් රේගන් විසින් GPS ජාලය හමුදා නොවන සාමාන්‍ය සේවාවන්ගේද භාවිතයට අවසර ලබා දෙන ලදී.[1]


ගෝලීය ස්ථානගත කිරීමේ පද්ධතිය (GPS) යනු එකම සම්පූර්ණ ක්‍රියාකාරී මඟ සොයා ගැනීමේ නිරවද්‍ය ක්ෂුද්‍ර තරංග විමෝචනය කරන පෘථිවි කාක්ෂික ගත වූ චන්ද්‍රිකා පද්ධතියයි. (GNSS) අවම වශයෙන් පෘථිවි කාක්ෂික ගතවූ චන්ද්‍රිකා 24 ක් වත් සමූහනයක් ගොඩ නංවමින් අදායකයා වෙත ඔහුගේ පිහිටීම, දිශානතිය, වේගය පිළිබඳ දැනුවත් වීමේ ඉඩ ලබා ‍දේ. මීට අනුරූප වෙනත් පද්ධති නම් රුසියානු GLONASS (2008 දක්වා ද සම්පූර්ණ වී නොතිබිණ) පැමිණීමට නියමිත යුරෝපා ගැලීලියෝ ස්ථානගත කිරීමේ පද්ධතිය, IRNSS ඉන්දීය පද්ධතිය ආදියයි.එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් සංවර්ධිත GPS නිල වශයෙන් NAVSTAR GPS (ජනප්‍රිය ‍විශ්වාසයන්ට අනුව NAVSTAR GPS කෙටි නාමයක් නොවන අතර GPS කෙටි නාමයක් නොවන අතර GPS වැඩසටහනේ අයවැයේ දී එහි ප්‍රධාන තීරකවරයකු වූ ජෝන් වොල්ෂ් විසින් සරලවම ලබා දුන්නකි) චන්ද්‍රිකා පිරිවර කළමනාකරණය කෙරෙන්නේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ 50 වැනි ආකාශ පියාපත මඟිනි. එය නඩත්තු කිරීමේ පිරිවැය වසරකට ඇමරිකන් ඩොලර් මිලියන 750 කි. ඒ සඳහා වයස්ගත චන්ද්‍රිකා ප්‍රතිස්ථාපනය, සමීක්ෂණය හා සංවර්ධනය, අඩංගු‍වේ.007 කොරියන් ගුවන් පථ ගුවන් යානය 1983 දී වෙඩි තබා බිම හෙලීමෙන් පසු ජනාධිපති රොනල්ඩ් රේගන් පද්ධතිය සෘජුවම නිදහස් සිවිල් වැසියෙකුට පොදු වස්තුවක් ලෙස භාවිතා කළ හැකි අන්දමේ වැඩපිළිවෙලක් අරඹන ලදී. එතැන් සිට GPS ලොව පුරා මං සොයා ගැනීමේ ආධාරකයක් ලෙසත් සිතියම් නිර්මාණයේ දී වැදගත් උපකරණයක් ලෙසත්, මිනින්දෝරු වැඩවලට හා වානිජ විද්‍යාත්මක වශයෙන් ප්‍රයෝජනයට ගැනේ. geocaching (ගෝලීය ඇල්ලුම) ආදී විනෝදාංශ සඳහා භාවිතා කෙරිණි. එමෙන්ම එය නිරවද්‍ය කාල පරිහරණයක් සපයන අතර භූමිකම්පා පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයන, දුරකථන සන්නිවේදන ජාලවල මෙන්ම සමාංගීකරණය ආදී යෙදවුම්වල බහුලව භාවිතයට ගැනිණි.


මූලාශ්‍ර

සංස්කරණය
  1. ^ "වට් ඊස් අ ජීපීඑස්?".
  2. ^ ජාතික පර්යේෂණ කාර්යාංශය (එ.ජ.). ගෝලීය ස්ථාන නිර්ණයන පද්ධතියේ අනාගතය පිළිබඳ කමිටුව; රාජ්‍ය පරිපාලන ජාතික ඇකඩමිය (1995). ද ග්ලෝබල් පොසිෂනිං සිස්ටම්: අ ෂෙයාර්ඩ් නැෂනල් ඇසට්: රෙකමන්ඩේෂන්ස් ෆෝ ටෙක්නිකල් ඉම්ප්‍රෑව්මන්ට්ස් ඇන්ඩ් එන්ෆෝර්ස්මන්ට්ස්. ජාතික ඇකඩමි මුද්‍රණාලය. p. 16. ISBN 0-309-05283-1. සම්ප්‍රවේශය 2013-08-16., Chapter 1, p. 16[permanent dead link]

ආශ්‍රිත

සංස්කරණය