Jump to content

ලීසා ඈන්

විකිපීඩියා වෙතින්
ලීසා ඈන්
උපත
ලීසා ඈන් කොර්පොරා

මැයි 9, 1972 (1972-05-09) (වයස 52)
පෙන්සිල්වේනියාවේ ඊස්ටන් නුවර
වෙබ් අඩවියthereallisaann.com

ලීසා ඈන් (ඉංග්‍රීසි:  Lisa Ann) (උපත මැයි 9, 1972), විශ්‍රාමික ඇමරිකානු ජාතික ලෝකපූජිත අසභ්‍ය සිනමා නිළියකි. ඇය අධ්‍යක්ෂකවරියක්, නිශ්පාදකවරියක්, ගුවන් විදුලි හඬ පෞරුෂයක් සහ දක්ෂතා නියෝජිතවරියක් ලෙස ද කටයුතු කර ඇත. ඒ.වී.එන්., එක්ස්.ආර්.සී.ඕ. හා ඒ.ඊ.බී.එන්. සම්මාන රාශියකින් පුද ලද ඇය, බ්රෑසර්ස්, නෝටි ඇමරිකා, රියැලිටි කිංග්ස්, බෑන්ග්බ්‍රෝස්, මිල්ෆ්, හස්ට්ලර්, බ්ලැක්ඩ් සහ ගර්ල්ස්වේ යනාදී සුප්‍රකට වෙබ් අඩවි රාශියක සන්නාම තානාපතිතුමියක ලෙස ද කටයුතු කර ඇත.

ලෝකප්‍රකට අසභ්‍ය සිනමා විශ්ලේෂකයින් සහ රසික රසිකාවියන් බොහෝදෙනෙකු, ලීසා ඈන් වූ කලී "එදා මෙදාතුර අසභ්‍ය සිනමා කර්මාන්තයෙහි බිහිවූ අතිවිශිෂ්ඨතම අසභ්‍ය සිනමා නිළිය" ලෙස පිළිගනී.

මුල් ජීවිතය

[සංස්කරණය]

ඇමරිකා එක්සත් ජනපදයේ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ඊස්ටන් නුවර උපත ලද ලීසා පාසැල් පැසිපන්දු සහ හිම මත ලිස්සා යාමේ ක්‍රීඩා කණ්ඩායම් නියෝජනය කරන ලදී. තම උසස් අධ්‍යාපන කටයුතු විශිෂ්ඨ ලෙස සමත්වූ ඇය රජයේ සහතිකලත් දන්ත සහායිකාවක් ලෙස සේවයට අනියුක්ත විය.

වෘත්තීමය ජීවිතය

[සංස්කරණය]
ලීසා 1994දී.

වර්ෂ 1990දී කාමුක නර්තන ශිල්පිණියක ලෙස නව මානයකින් වැඩ ඇරඹි ඇය, වර්ෂ 1993 වන විට සොෆ්ට්-කෝර් මාදිලියේද වර්ෂ 1994 වන විට හාර්ඩ්-කෝර් මාදිලියේද අසභ්‍ය සිනමාව අතික්‍රමණය කළාය. පළමු වසර දෙක තුළ මෙට්‍රො/ කැල් විස්ටා සමාගම සමඟ ගිවිසුම්ගතව සිට මසකට වරක් පමණක් රූගත කළ ඇය රඟපෑ "සෙක්ස් සෝසරර්", "ස්කින් හන්ගර්", "ඩිලීශියස් සෙක්ස්", "බ්ලාස්ට් ෆ්‍රොම් ද පාස්ට්", "ඩයමන්ඩ් සෙක්ස් හයිස්ට්", "කපල්ස් ඉන් නීඩ්" හා "සෙක්ෂුවල් මැනිපියුලේශන්ස්" යනාදී ඓතිහාසික චිත්‍රපට ඉතා ජනප්‍රිය විය.

වර්ෂ 1997දී කර්මාන්තයේ ඇති වූ ඒඩ්ස් භීතිය හේතුවෙන් අසභ්‍ය සිනමාවෙන් තාවකාලිකව ඉවත් වූ ලීසා ඉදිරි වසර කිහිපය තුල සිතාම්බර නර්තන ශිල්පිණියක ලෙස රාත්‍රී සමාජශාලාවලද ආයූර්වේද තෙරපිවරියක ලෙස සම්බාහන මධ්‍යස්ථානවලද සේවය කළාය. මේ අතරතුර එල්.ඒ.ඩිරෙක්ට් මොඩල්ස් ආයතනයට අනුබද්ධිතව දක්ෂතා නියෝජිතවරියක් ලෙසද කටයුතු කල ඇය ක්ලියර් ටැලන්ට් මැනේජ්මන්ට් ආයතනය පිහිටුවා 2006 වසරේ සිට නැවත අසභ්‍ය සිනමාරූගතකිරීම් ආරම්භ කිරීමට තීරණය කළාය.

එදා මෙදාතුර අසභ්‍ය සිනමාවංශකථාවෙහි ජවනිකා දෙදහසකට අධික ප්‍රමාණයකට තම අද්විතීය රංගන කෞශල්‍යය මුසුකළ ලීසා, වර්ෂ 2007දී බ්රෑසර්ස් ලේබලය යටතේ තිරගතවූ "රෆ් රයිඩර්" චිත්‍රපටයෙහිදී ජොනී සින්ස් හට පැවසූ "හුදීජනයා මෛථුනයෙහි නොයෙදීම මා වික්ෂිප්ත කරවයි" , වර්ෂ 2011දී නැවතත් බ්රෑසර්ස් ලේබලය යටතේ තිරගතවූ "නේකඩ් තෙරපි" චිත්‍රපටයෙහිදී කිරාන් ලී හට පැවසූ "නග්න-චිකිත්සාව මෙවැනි සංකූලතා සමනය කිරීමට මහෝපකාරී වේ" සහ වර්ෂ 2018දී මිල්ෆ්ස් ලියික් ඉට් බිග් ලේබලය යටතේ තිරගතවූ "ලීසාස් පූල් බෝයි ටෝයි" චිත්‍රපටයෙහිදී ජෝර්ඩි එල් නිනො පොල්ලා හට පැවසූ "ඔබ වැනි සරසවි සිසුවෙකු ඔබේ නිම් වළලු පුළුල් කළ යුතුයි" යනාදී ප්‍රබුද්ධ දෙබස් තුලින් ලොවවටා රසික ජනාදරයට හා ගෞරවබහුමානයට පාත්‍ර විය.

2010දී අඩල්ට් එක්ස්පෝ ප්‍රදර්ශණයට සපැමිණි ලීසා.

වර්ෂ 2008දී රිපබ්ලිකන් පක්ෂ උප ජනාධිපති අපේක්ෂිකා සාරා පේලින් ලෙස පෙනී සිටිමින් ජනාධිපතිවරණයදා, "හූස් නේලින් පේලින්" නම් හස්ට්ලර් චිත්‍රපටයට අනභිභවනීය චරිතාංග රංගනයක ඉදිරිපත් කළ ලීසා "බිග් බස්ට් ෆැන්ටසීස්", "ටිට්ස් අ වොන්ඩර්ෆුල් ලයිෆ්", "බෙස්ට් බොසම් බඩීස්", "මමා නෝස් බෙස්ට්", "බිග් ටිට්ස් ඇට් ස්කූල්", "බිග් වෙට් ටිට්ස්", "කම් ටු මමා II", "ඩබල්-ඩී කප් කූගාර්ස්", "මිල්ෆ්ස් ලියික් ඉට් බිග්", "බස්ටි වේට්‍රසස්", බස්ටි කොප්ස්", "ටීචර්ස්", "මිල්ෆ් මෙමොආර්ස්", "මිල්ෆිලීශියස්", "මිල්ෆ් මේනියා", "බූබ් වොච්", "බ්ලැක්අවුට්", "මැන්ඩින්ගෝ මැසකර්", "ඒනල් බූට් කැම්ප්", "ඉට්ස් අ මමී තිංග් III", "ගැන්ග්බෑන්ග්ඩ්", "ලීසා ඈන් නෙවර් ක්විට්ස්", "ලීසා ඈන් කාන්ට් සේ නෝ" හා "ද බෙස්ට් ඔෆ් ලීසා ඈන්" යනාදී චිත්‍රපට රැසකට රංගනයෙන් දායකව ඇත.

වර්ෂ 2009දී ලීසාගේ රංගන ප්‍රතිභාවෙන් සුපෝශිතවූ ලෝකප්‍රකට රැප් රජු එමිනෙම් ගායනා කෙරූ 'වී මේඩ් යූ' සංගීත වීඩියෝව යූටියුබ් මාධ්‍ය අවකාෂයෙහි ලොව පුරා නැරඹුම්වාර විසිපන්කෝටි හැටලක්ෂයකද ඉක්මවා ඇත.

වසරේ මිල්ෆ්, වසරේ කූගර්, වසරේ ලිංගික පුරාවෘත්තය, වසරේ විශිෂ්ඨතම මුඛ, ගුද සහ යෝනි සංසර්ග තුන් ඈදුතු ශිල්පිණිය හා නොයෙකුත් රසික සම්මානවලට පාත්‍ර වූ ඇය, වර්ෂ 2009දී ඒ.වී.එන්. හෝල් ඔෆ් ෆේම් විශිෂ්ඨයන් අතරටද, වර්ෂ 2011දී අර්බන් එක්ස් හෝල් ඔෆ් ෆේම් විශිෂ්ඨයන් අතරටද, වර්ෂ 2013දී එක්ස්.ආර්.සී.ඕ හෝල් ඔෆ් ෆේම් විශිෂ්ඨයන් අතරටද ඇතුලත් වීමට තරම් භාග්‍යවන්ත විය.

ජීව දත්ත

[සංස්කරණය]
  • උස: අඩි 5 අඟල් 2 ක්
  • බර: කිලෝග්රෑම් 50-55 අතර
  • මිනුම් පටිපාටිය: 36DD-25-36
  • ලිංගික දිශානතිය: ද්විලිංගික

පුද්ගලික ජීවිතය

[සංස්කරණය]

වර්ෂ 2000දී යුග දිවියට පිවිසි ලීසා නොබෝ කලකින් දික්කසාද විය.

ලොස් ඇන්ජලීස් ලේකර්ස් පැසිපන්දු කණ්ඩායම සහ ඩැලස් කෞබෝයිස් ඇමරිකානු පාපන්දු කණ්ඩායමෙහි රසිකාවියක වන ඇය 'ද ලීසා ඈන් එක්ස්පීරියන්ස්' නම්වූ සම්මුඛ සාකච්චා මණ්ඩපය තුලින් ක්‍රීඩාවෙහි උන්නතිය උදෙසා ඇප කැප වී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ලීසා_ඈන්&oldid=730835" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි