Jump to content

"ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024" හි සංශෝධන අතර වෙනස්කම්

විකිපීඩියා වෙතින්
Content deleted Content added
පිටුව ආරම්භ කර ඇති නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ පරිවර්තනය අවශ්‍ය වේ
ටැගය: Disambiguation links
(වෙනසක් නොමැත)

06:32, 5 සැප්තැම්බර් 2024 තෙක් සංශෝධනය

ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය, 2024
ශ්‍රී ලංකා
← 2022 21 සැප්තැම්බර් 2024 2029 →
 
අපේත්ෂකයා රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස
පක්ෂය ස්වාධීන සමගි ජන බලවේගය

  ගොනුව:Anura Kumara Dissanayaka.jpg
අපේත්ෂකයා අනුර කුමාර දිසානායක නාමල් රාජපක්ෂ
පක්ෂය ජාතික ජන බලවේගය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

බලයේ සිටින ජනාධිපති

රනිල් වික්‍රමසිංහ
එක්සත් ජාතික පක්ෂය



2024 වසරෙහි ශ්‍රී ලාංකික ජනාධිපතිවරණය (2024 Sri Lankan Presidential Election) යනු, ශ්‍රී ලංකාවේ නවවන ජනාධිපතිවරණය වෙයි. මෙම ඡන්ද විමසීමෙන් වසර 5ක ධුර කාලයක් සඳහා ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගනු ඇත. 2024 අගෝස්තු 15 වන දින නාමයෝජනා භාර ගත් අදාළ ඡන්ද විමසීම 2024 සැප්තැම්බර් 21 දින පැවැත්වීමට නියමිතය.[1]

තනතුරධාරී වූ රනිල් වික්‍රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙයි. 2015 වසරේ මහින්ද රාජපක්ෂ මහතාගෙන් පසු ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන පළමු බලයේ සිටින ජනාධිපතිවරයා ඔහු වීම විශේෂත්වයකි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක, හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරු ද මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙති.

පසුබිම

දිවයිනේ අවසන් වරට පැවති සෘජු ජනාධිපතිවරණය වූයේ 2019 වසරේදී. එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූ සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරමින් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීමට හැකිවුණි.[2]

2022 වසරේ ඇති වූ ආර්ථික අර්බුදය සහ ජන අරගලයෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්විය.[3] ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට ප්‍රකාරව, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉතිරි ධුර කාලය සඳහා පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකින් පැවැති වක්‍ර ජනාධිපතිවරණයකදී, එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස 2022 ජූලි 21 වැනි දින වැඩි ඡන්ද ප්‍රමාණයකින් තේරී පත් විය.[4]

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වැනි වගන්තියට අනුව, "ජනාධිපති ධුරයට එසේ අනුප්‍රාප්ත වන යම් තැනැත්තකු, ධුරය හිස් කරන ජනාධිපතිවරයාගේ ධුර කාලයෙන් ඉතිරි කාලය තුළ පමණක් ධුරය දැරිය යුත්තේ ය".[5] ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූර කාලය 2024 නොවැම්බර් 17 වැනිදායින් කල්ඉකුත් වීමට නියමිතය.

මැතිවරණයට පෙර

ප්‍රතිඵල

ශ්‍රී ලාංකික මෑත මැතිවරණ ප්‍රතිඵල
මැතිවරණ දින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
(ශ්‍රී.ලං.නි.පො.ස.)
සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය අනෙකුත්
ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද % ඡන්ද %
2019 ජනාධිපතිවරණය 6,924,255 52.25% 418,553 3.16% 5,564,239 41.99%[i] 345,452 2.35%
2020 පාර්ලිමේන්තු මැතිවරණය 6,853,690 59.09% 2,771,980 23.90% 445,958 3.84% 327,168 2.82% 249,435 2.15% 950,698 8.20%

සිතියම්

මැතිවරණ ප්‍රතිඵල සිතියම
2019 ජනාධිපතිවරණය 2020 පාර්ලිමේන්තු මැතිවරණය
වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් එක් එක් මැතිවරණ දිස්ත්‍රික්කයට හෝ නගර සභාවට පත්වූ සාමාජිකයෝ
ශ්‍රීලංනිපොසය සජබය දෙජාසය එජාපය ශ්‍රීලංනිපය ඊජප්‍රපය වෙනත් පක්ෂ

පිටුව ආරම්භ කර ඇති නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් සම්පූර්ණ පරිවර්තනය අවශ්‍ය වේ

ආශ්‍රිත ලිපි

සටහන්

මූලාශ්‍ර

  1. ^ "ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනිදා". බීබීසී සිංහල සේවය. 25 ජූලි 2024. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  2. ^ "ගෝඨාභයගේ ඉතිහාසය". අද දෙරණ. 17 නොවැම්බර් 2019. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  3. ^ "ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීම කතානායක නිල වශයෙන් ප්‍රකාශ කරයි". බීබීසී සිංහල සේවය. 15 ජුලි 2022. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  4. ^ "නව ජනපති ලෙස රනිල් වික්‍රමසිංහ පත්වෙයි". අද දෙරණ. 20 ජුලි 2022. සම්ප්‍රවේශය 5 සැප්තැම්බර් 2024.
  5. ^ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව (29 ජනවාරි 1981). "ජනාධිපතිවරණ (විශේෂ විධිවිධාන) පනත". Lawnet - අධිකරණ අමාත්‍යාංශය. 15 ජූනි 2024 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 25 අගෝස්තු 2024.