Jump to content

මාර්ගඵල

විකිපීඩියා වෙතින්
11:43, 26 අප්‍රේල් 2010 වන විට ෆෙලිඩේ (සාකච්ඡාව | දායකත්ව) ('බුදු දහමේ මාර්ගඵල සතර හෙවත් සම්බෝධීත්වයේ අදිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)

බුදු දහමේ මාර්ගඵල සතර හෙවත් සම්බෝධීත්වයේ අදියරයන් සතර යනු පුද්ගලයෙකුට ඔහුගේ ජීවිතයේදී අතරකරගත හැකි අරහත් බව වැනි පූර්ණ සම්බෝධීත්වය සඳහා වන ප්‍ර‍ෙව්ශයන්ගේ ප්‍රමාණයන් සතරයි. මෙම අදියරයන් හතර වන්නේ සෝතාපන්න (සෝවාන්), සකෘදාගාමී, අනාගමි හා අරහත් වේ.

බුදු දහමේ දැනට ඉතිරිවී ඇති ගුරුකුලයක් වන තේරවාදී ගුරුකුලයද ඇතුලත්ව (වර්තමානයේදී ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය වැනි රටවල පවතී) අතීත බෞද්ධ ගුරුකුලයන්හි ඉතා වැදගත් මධ්‍යගත සංකල්පයක් ලෙස මෙම මාර්ගඵල සතර පිළිබඳවන ඉගැන්වීම් දැක්විය හැකිය.


සාමාන්‍ය පුද්ගලයා

සාමාන්‍ය පුද්ගලයා හෙවත් පුතක්ජනයා සංසාරයේ නිමා නොවන වෙනස්කම් වලින් බැද තබනු ලැබේ. ඔහුගේ රුචි අරුචිකම් මත පිං පවු සිදු කරමින්, ඔහු විසින් සිදු කල ක්‍රියාවන්ට අනුව දෙව්ලොව හෝ අපායේ (උසස් හෝ පහත් තත්ව වල) උපදී. ඔහුට තමාගේ මනස හා චර්යාවන් සම්බන්ධයෙන් පවතින්නේ අඩු පාලනයක් නිසා ඔහුගේ ගමනාන්තය අහඹු / අක්‍රමවත් වන අතර විශාල දුක් වේදනාවන්ට යටත් වේ. සාමාන්‍ය පුද්ගලයා ධර්මයේ අවසාන සත්‍ය අත්විද නොමැති අතර එබැවින් ඔහුගේ දුෂ්කරතාවයට (සසර ගමනට) අවසානයක් සොයා ගැනීමේ ආකාරයක් නොමැත.


ආර්ය පුද්ගලයන්

බුදුන්ගේ මාර්ගය අවංකව අනුගමනය කිරීමට පටන්ගන්නා සහ පුද්ගලයා සසරට බැද තබන බැමි වල රස සංයෝජන බැමි ලිහිල් කිරීම අත්විදින පුද්ගලයා ආර්ය පුද්ගලයෙක් බවට පත්වේ. ඔහු නුදුරු අනාගතයේදී (ජීවිත 7ක් තුල) මාර්ග ඵලයක්/සම්බෝධියක් අත්කර ගැනීම ඒකාන්තය. ඔහුගේ නිශ්චිත ගමනාන්තය (සසර ගමනේ කෙලවර) පාලනය කරනු ලබන්නේ ඔහු ලඟා කරගත් ප්‍රමාණය විසිනි.

කුමන සමාජයක් තුල හෝ කුමන කණ්ඩායමක් තුල වුවද තථාගතවරයන්ගේ අනුගාමිකයින්ගේ මහා සංඝයා වහන්සේලා උත්තරීතර/පරම හෙවත් ‍ශ්‍රේෂ්ඨ ලෙස සලකණු ලබයි. සංඝයා පිළිබඳ විශ්වාසයක් ඇති පුද්ගලයන්ට “ශ්‍රේෂ්ඨත්වය” යනු කුමක්ද යන්න පිළිබද විශ්වාසයක් පවතී. එසේම ශ්‍රේෂ්ඨත්වය පිළිබද විශ්වාසයක් ඇති පුද්ගලයන්ගේ ප්‍රතිඵලයද ශ්‍රේෂ්ඨත්වයයි. තතාගතයන් වහන‍්සේගේ අනුගාමිකයන් මහා සංඝයා නම් එනම්, ආර්ය සංඝයා වහන්සේලා යුගල වශයෙන් ගත්කල සාරති, තනි පුද්ගලයන් වශයෙන් ගත්කල අමති. එය පහත පරිදි දැක්විය හැක.

  1. සෝවාන් මාර්ගය
  2. සෝවාන් සමාපත්තිය
  3. සකෘදාගාමී මාර්ගය
  4. සකෘදාගාමී සමාපත්තිය
  5. අනාගාමී මාර්ගය
  6. අනාගාමී සමාපත්තිය
  7. ආර්යන් මාර්ගය
  8. ආර්යන් සමාපත්තිය



Reference: http://en.wikipedia.org/wiki/Four_stages_of_enlightenment



"This article has been translated from the English wikipedia by felidae, http://www.felidae.lk. The translated article has been reviewed by a panel of experts to ensure accuracy and quality. This initiative is sponsored by the Information and Communication Technology Agency of Sri Lanka (ICTA), http://www.icta.lk. Support and access to rural communities provided by Practical Action (formerly ITDG), http://practicalaction.org/?id=region_south_asia."

"https://si.wikipedia.org/w/index.php?title=මාර්ගඵල&oldid=89661" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි